නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හංස විලක් සිනමා අද සහ හෙට

    අප්‍රේල් 04, 2015
     
     
    ශ්‍රී ලංක ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරනු ලබන "හංස විලක්" සිනමා උළෙල 2015 අද ( 04) සහ හෙට(05) දෙ දින පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලවේ දී පැවැත්වේ.
     
    05දා 96වන ජන්ම දිනය සමරන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා නිර්මාණ ද්විත්වයක් අද ප්‍රදර්ශනය කිරීමට ද කටයුුතු යොදා ඇත. 
     
    ඒ අනුව අද පෙරවරු 10.30ට නිධානය, පස්වරු 2.30ට තුන්වෙනි යාමය හා පස්වරු 6.30ට දෙලොවක් අතර චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.
     
    හෙට පෙරවරු 10.30ට මේ මගේ සඳයි, පස්වරු 2.30ට අකාස කුසුම් හා පස්වරු 6.30ට නායකන් ප්‍රදර්ශනය කෙරේ.
     
    අප්‍රේල් 06දා "යථාර්ථය ෆැන්ටසියක්" ද යනුවෙන් අතීත හා වර්තමාන සිනමාවට අදාළ සිනවා කතිකාවන් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
     
    අතීත සිනමාවේ සොඳුරු මතකයන් නැවත පුබුදුවාලමින් සිනමාවේ සුන්දරත්වය විඳගැනීමට හා සිනමාවේ හෙට දවස භාරගැනීමට බලාපොරොත්තු වන තාරුණ්‍යයට පෙර දවස සිනමාව අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාකිරීමේ අරමුණින් මෙම චිත්‍රපට උළෙල පැවැත්වේ.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya