නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී

    මාර්තු 28, 2015
    2015 ජාතික අලුත් සහල් මංගල්‍යය 48 වන වතාවටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ලබන 04 වන දින ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සහ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. 
     
    වී අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව සකස්කර ගන්නා සහල්වල අග්‍ර‍ කොටස එනම්‚ අලුත් අස්වැන්නේ දෙනු ලබන ප්‍ර‍ථම දානය අලුත් සහල් මංගල්‍යය නම් වේ. කෘෂිකර්මාන්තයේ දී තමන්ට උදව් උපකාර කළ සියලු දෙනා වෙත කෘතගුණ දැක්වීමේ ශ්‍රේෂ්ඨ ගුණාංගය ඉස්මතු කරමින් ලාංකේය වාපි සංස්කෘතිය හා බැඳුණු කෘෂිකර්මාන්තයේ අනිවාර්ය අංගයක් ලෙස අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි.
     
    මෙය හෙළ රජ දරුවන් විසින් පවත්වාගෙන යන ජාතිය මහෝත්සවයක් මෙන්ම ජනතාවගේ කුසගිනි දුරුකර, ජනතාව සුඛිතමුදිත කිරීමේ වගකීම රාජ්‍ය නායකයා නොපිරිහෙලා ඉටුකරන ජාතික කර්තව්‍යයකි. 
     
    මෙම ජාතික මහෝත්සවය සඳහා සහභාගී වන ලෙස වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය සමස්ත ගොවි ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන අතර මේ සඳහා ලැබෙන දායකත්වය ස්වයංපෝෂිත කෘෂි අර්ථ රටාවට මහඟු අත්වැලක් වවන බව ද කෘෂීකර්ම අමාත්‍යාංශය පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya