නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවියන් සඳහා වැඩිහිටි දහම් පාසලක්

    මාර්තු 13, 2015
    වැඩිහිටි දහම් පාසල් සංකල්පය යටතේ බන්ධනාගාරගතව සිටින වැඩිහිටියන් සඳහා දහම් පාසලක් ඊයේ (12) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර පන්සලේ දී ආරම්භ කෙරිණි.
     
    මෙලෙස ආරම්භ කරන ලද වැඩිහිටි දහම් පාසල් අතුරින් ප්‍රථම දහම් පාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද දෙවැන්න නාරාහේන්පිට අභයාරාමයේ ද ආරම්භ කර ඇති අතර තෙවැන්න ලෙස වැලිකඩ බන්ධනාගාරයේ දී බන්ධනාගාර රැඳවියන් සඳහා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන)  නිමල් කොටවලගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
     
    මෙම අවස්ථාව සඳහා බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේ, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ, කොළඹ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.බී.ආර්. පුෂ්පකුමාර හා බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිනී ජයසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya