බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
  • SocialShare:

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බව සභානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

කොමිෂන්සභා වාර්තාව ඉදිරිපත් කරමින් සභානායකවරයා මෙසේ පැවසීය.

පරපුරක හෘද සාක්ෂිය කැටිවී ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනගත කිරීමටත් මා වෙත පවරා තිබේ.

අරගල කර පරපුරක කඳුලුත් ඔවුන් විඳි මහ පොළොව නුහුලන වද වේදනා වලස්වභාවය හා සසඳද්දී  ඒවාට අලගු තැබීමටවත් පිටු 208කින් යුතු මෙම වාර්තාවට නොහැකිව බව අපි දනිමු. මෙම වාර්තාව මරාදමන ලද යෞවනයන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයන්ගේ වද වේදනාවන් සහ සුසුම්වලින් අංශු මාත්‍රයක් නියෝජනය කරන වාර්තාවක් වුවද  එය සකස් කිරීමට සහාය වූ අයට මාගේ ස්තුතිය පුද කරමි.

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බටලන්ද අද හිරු එළිය දුටු බවත් 2024 සැප්තැම්බර් මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සැඟව තිබූ මෙම වාර්තාව වසර 25ට පසු සභාගතකරන බවද සභානායකවරයා පැවසීය.

තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් රටක් යුග ගණනාවක් මුළුල්ලේ විනාශ කරන ලද්දේ කෙසේද යන්නත් , ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් ලැබුණු ජනවරමක් තම පන්ති මිතුරන් වෙනුවෙන් පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම වාර්තාව ජීවමාන සාක්ෂියක්ද වේ

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.