විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න මරණ සහතික ලබා ගැනීමට ‍වෙබ් අඩවියක්

 විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න මරණ සහතික ලබා ගැනීමට ‍වෙබ් අඩවියක්
  • SocialShare:

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි ඩිජිටල් පහසුකම ආරම්භ කිරීම ඊයේ (6) විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරීණි.

තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය  මෙම ‍වෙබ් අඩවිය ආරම්භ  කර තිබේ.

ඒ අනුව ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික සහතික ලබා ගැනීමට හැකිවේ.

මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.