ජාතික තරුණ සේවා සභාවේ අභ්‍යන්තර විගණන අංශය සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අතර සාකච්ඡාවක් ඊයේ (06දා) මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විය.
එහිදී අනාවරණය වූයේ ඉකුත් වසරවලදී විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදයක් පැවති බවයි.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ එම ප්‍රමාදයන් සිදු වීමේ හේතුව පිළිබඳව සොයාබලා එම කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභාවේ විගණන වාර්තාව නිර්දේශ සමඟ කඩිනමින් ලබාදෙන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා විගණන අංශයට දැනුම් දුන්නේය. විගණන අංශයේ පවතින ගැටලු සහ දැනට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය පිළිබඳවත් මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවදානය යොමු විය.
තරුණ සේවා සභාව තුළ පවතින අංශ 26 සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කිරීම ඉකුත් දා ආරම්භ වූ අතර , එහි දෙවැනි අදියරේ සාකච්ඡා ඊයේ (06දා) පැවැත්විය. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් විගණන අංශය, තරුණ සේවා සමූපාකාරය, වෘත්තීය මාර්ගෝපදේශ අංශය, තරුණ සේවා සමාගම, යෞවන තිළිණ ප්‍රදාන අංශය, මාධ්‍ය අංශය, නිස්කෝ ආයතනය, තොරතුරු තාක්ෂණ අංශය, ව්‍යවසායකත්ව සංවර්ධන අංශය යන අංශ සමඟ සාකච්ඡා කරනු ලැබීය.
මේ සඳහා ජාතික සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වලයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙක්ට සහභාගි වූහ.