ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ අගමැතිනියගේ අවධානය

ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ අගමැතිනියගේ අවධානය
  • SocialShare:

මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනවාරි 03 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයේදී මෙම හමුව සංවිධාන කොට තිබිණි.

පසුගිය වසර කිහිපය තුළ පාසල් දරුවන් සහ පාසල්, වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සිය විශේෂ අවධානය යොමු ක⁣ළාය. එමෙන්ම මෙරට ද්විතීයක අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.