මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය යථා තත්ත්යට පත් කිරීම පිළිබඳව සොයා බැලේ

මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය යථා තත්ත්යට පත් කිරීම පිළිබඳව සොයා බැලේ
  • SocialShare:

භාවිතයට නොගැනීම නිසා විනාශයට පත්වෙමින් පවතින මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණය කර එය නැවත ආරම්භ කිරිම පිළිබඳව සොයා බැලීමට වෙළෙඳ , වානිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක් විය.

ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ එය යථා තත්ත්වයට පත් කිරීමට ඇති සැලසුම් පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබේ.

මෙහිදි මෙම ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කිරිමේ ඇති වැදගත්කම පිළිබඳව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් චන්ද්‍රිකා මලෙවිආරච්චි මහත්මිය අමාත්‍යවරයාට පැහැදිලි කළාය.

මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවත්තන්න මහතා ද මෙම නිරීක්ෂණට එක්විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.