අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන ජාතික රජයට වසර තුනක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ වැඩසටහන් මාලාව සඳහා ජනමාධ්‍ය අවකාශය ලබා ගැනීම:

    අගෝස්තු 15, 2018
    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවෘත්ති කළමනාකරු, ප්‍රවෘත්ති කර්තෘ,
    යහපාලන ජාතික රජයට වසර තුනක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ වැඩසටහන් මාලාව සඳහා ජනමාධ්‍ය අවකාශය ලබා ගැනීම:
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 3ක් 2018 අගෝස්තු 17 දිනට සම්පූර්ණ වෙයි.
    මේ නිමිත්තෙන් අගෝස්තු 12 දින සිට 21 දින දක්වා කාල පරාසය තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සැලසුම් කොට ඇත. එම වැඩසටහන් ආවරණය කරන ලෙසත්, ඒ සියල්ල සඳහා ඔබගේ ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් ඔස්සේ ප්‍රචාරයක් ලබා දෙන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. 
     
    වැඩසටහන් විස්තරය  පහත පරිදි වෙයි.
     
    දිනය: 2018 අගෝස්තු 15 බදාදා
    ස්ථානය: මන්නාරම මඩු මාතාවන්ගේ දේවස්ථානය
     
    වේලාව: පෙරවරු 8.00
    සහභාගිත්වය: අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
     
    අවස්ථාව: මන්නාරම, මරද මඩු මාතාවන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය
     
    දිනය: 2018 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා
    ස්ථානය: රත්නපුර නගර සභා පිටිය
    වේලාව: පස්වරු 3.00 සිට
     
    සහභාගිත්වය: අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා
    අවස්ථාව: ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන
    දිනය: 2018 අගෝස්තු 17 සිකුරාදා
    ස්ථානය: මොනරාගල, කොටියාගල, දෙව් පුද ගම 
    වේලාව: පෙරවරු 10.30 සිට
     
    සහභාගිත්වය: අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා
    අවස්ථාව: මොනරාගල, කොටියාගල, දෙව් පුද ගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පැවරීම
     
    දිනය: 2018 අගෝස්තු 18 සෙනසුරාදා
    ස්ථානය: දෙනියාය, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාය
    වේලාව:  10.00  සිට
     
    සහභාගිත්වය: අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා
    අවස්ථාව: ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන
    දිනය: 2018 අගෝස්තු 19 ඉරිදා
     
    ස්ථානය: කෑගල්ල, නිදහස් මාවතේ සති පොළ ඉදිරිපිට
    වේලාව:  9.00  සිට
     
    සහභාගිත්වය: අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා
    අවස්ථාව: ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන
    දිනය: 2018 අගෝස්තු 21 අඟහරුවාදා
     
    ස්ථානය: බද්දේගම, කුම්මෙ, මහජන ක්‍රීඩාංගණය
    වේලාව:  පස්වරු 4.00  සිට
     
    සහභාගිත්වය: අග්‍රාමාත්‍ය  ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා
    අවස්ථාව: ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන
    මෙම අවස්ථාවන් ආවරණය කිරීමට මාධ්‍ය කණ්ඩායම් යොදවන ලෙසද, මේ සඳහා ප්‍රමුඛතාවයක් ඔබගේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් වැඩසටහන්වලදී ලබා දෙන ලෙසද කරුණාවෙන් ඉල්ලා සිටිමි.
     
    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya