නිෂ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින් සිදු කෙරේ. තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ අනුව 2015 වර්ෂය, පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරනු මෙම දර්ශකය, 2017 ජනවාරි මස සිට යොමු මාසයෙන් දින 42 ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලැබේ.
තව ද, 2016 ජුනි මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017 ජුනි මස මූලික ඖෂධ නිෂ්පාදන(19.5%), 'මූලික ලෝහ නිෂ්පාදන' (14.0%) සහ 'පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන' (12.7%), වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2017 ජුනි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 2.3% ක වැඩිවීමක් වාර්තා වේ.
තව ද 'අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන' , 'රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන', සහ 'බීම වර්ග නිෂ්පාදන' වල 2016 වර්ෂයේ ජුනි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 29.6%, 12.1% සහ 9.2% ක අඩුවීමක් වාර්තා විය. 2017 වර්ෂයේ දෙවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 1.4 % කින් වර්ධනය වී ඇත.
කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)
මාසය / කාර්තුව |
දර්ශක අගය |
2016 ජුනි |
105.2 |
2017 ජුනි |
105.5 |
ප්‍රතිශතක වෙනස (%) |
0.3 |
2017 දෙවන කාර්තුව |
103.0 |