ජංගම දුරකතනවල මිල වැඩි වන්නේ නැහැ

ජංගම දුරකතනවල මිල වැඩි වන්නේ නැහැ
  • SocialShare:

1991 අංක 25 දරන විදුලි සංදේශ පනතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව සේවා දායක සමාගම් වෙනුවෙන් අනුමත කර දී ඇති කිසිඳු දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමට කිසිඳු සමාගමකට අවසර දී නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා අවධාරණය කරයි.

දුරකතන සමාගම් විසින් පැකේජවල මිල වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ව්‍යාජ පුවතක් සම්බන්ධව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ විශේෂ අවධානයක් මේ වන විට යොමු වී තිබේ.

මේ පිළිබඳව සියලුම ජංගම දුරකථන සමාගම් වලින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විමසීමක් කළ බවත්, එහි දී කිසිඳු දුරකතන සමාගමක් මිල වැඩි කර නොමැති බවට ලිඛිතව දැනුම් දී තිබෙන බවත් ඒ මහතා මෙහි දී දැනුම් දුන්නේය.

මෙවැනි අසත්‍ය ප්‍රචාරණ වලට නොරැවටෙන ලෙසත් අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයින්ට විරුද්ධව පවත්නා  නීති රාමුව තුළ කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.