සෞඛ්‍ය වෘත්තිකයාගේ වෘත්තීය තෘප්තිමත්භාවයෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකියි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 

සෞඛ්‍ය වෘත්තිකයාගේ වෘත්තීය තෘප්තිමත්භාවයෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකියි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 
  • SocialShare:

සෞඛ්‍ය වෘත්තිකයාගේ වෘත්තීය තෘප්තිමත්භාවයෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති සමඟ පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවේ දී ය.

මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු විමසා බැලීමත් ඔවුන්‌ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමත් සිදු කෙරුණි.

මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තීය ගැටලු හා යෝජනාවන් ඉතා සාධරණ බව පැවසූ අමාත්‍යවරයා ඒම ගැටලුවල‌ට විධිමත් සාධාරණ විසදුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අවධාරණය කළේය. 

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයින් තම  වගකීම අකුරට ම ඉටු කරන බවත් ඔවුන්ට බලපාන ගැටලුවලට විසදුම්  ලබා දීම තුළින් ද ඔවුන් සමඟ අන්‍යෙන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් ද වැඩ වර්ජන උද්ඝෝෂණ අවම කර ගත හැකි බවයි. 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.