සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර දන්සල් 820ක්

සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර දන්සල් 820ක්
  • SocialShare:

සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගර සීමාව තුළ දන්සැල් 820ක් මේ වන විට ලියාපදිංචි කර ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පැවසීය.

සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ දන්සැල් ක්‍රියාත්මකවීම ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා පැවසීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර නාථ දේවාලය මගින් සැදැහැවතුන් සඳහා දන්සැල් ලබාදීම ඊයේ(22) රාත්‍රි සිදුවිය. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රධාන දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දනපතියන්ගේ පරිත්‍යාග මත බත් පාර්සල් බෙදාදිම ක්‍රියාත්මක වූ අතර ආහාර සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සිදුවිය.
 

මහනුවර වැව රවුම් මාර්ගයේ රාත්‍රී කාලයේදී රැදී සිටින සැහැහැවතුන් සඳහා බත් පාර්සල් බෙදාදීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේසිදු කෙරිණි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.