කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කිලෝවොට් 80 ක Mega Batch Solar Energy ව්‍යාපෘතිය නිල වශයෙන් ඇරඹේ

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කිලෝවොට් 80 ක Mega Batch Solar Energy ව්‍යාපෘතිය නිල වශයෙන් ඇරඹේ
  • SocialShare:

ආයතනික තිරසාරභාවය උදෙසා සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙගා කණ්ඩායම් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය’ (Mega Batch Alumni Group) විසින් තමන් අධ්‍යාපනය ලැබූ තම මාතෘ පීඨය වෙත ඉතා ත්‍යාගශීලීව පරිත්‍යාග කරන ලද අතිනවීන සූර්ය පැනල (solar system) පද්ධතිය ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (10) නිළ වශයෙන් ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, පීඨයේ විදුලි පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීම සඳහා වන අතර ඉතිරි වන අත්‍යවශ්‍ය මූල්‍ය සම්පත් ඉගැන්වීම්, පර්යේෂණ සහ ශිෂ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් නැවත යෙදවීමේ අදහසිනි.

මෙම සුවිශේෂ අවස්ථාව සදහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සග පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය මඟින් සැලසෙන ආර්ථික සහනයට අමතරව, පරිසර හිතකාමී මුලපිරීමක් ලෙස ද මෙය පාරිසරික භාරකාරත්වය පිළිබඳ ප්‍රබල ආදර්ශයක් සපයනු ඇත.