සාගරිකා දුම්රිය පීළිගත කිරීම් කරනවා - ඉක්මණින් පහළ මාර්ගය දුම්රිය ධාවනයට එකතු කරනවා - ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ

සාගරිකා දුම්රිය පීළිගත කිරීම් කරනවා - ඉක්මණින් පහළ මාර්ගය දුම්රිය ධාවනයට එකතු කරනවා - ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ
  • SocialShare:

වාද්දුව ප්‍රදේශයේ දී අද(24) උදෑසන පිලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පිලි ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද හැකි ඉක්මණින් පහළ දුම්රිය මාර්ගය දුම්රිය ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බවද  ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පැවසීය.

සාගරිකා දුම්රිය පීලි පැනීම සහ  මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා මේ බව පැවසීය.

මෙම පීලි පැනීම නිසා ඉහළ සහ පහල මාර්ග දෙකම අවහිර වී තිබූ බවත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පීළි පැනීම යථාවත් කරමින් පවතින බවද අවධාරණය කළේය.

මෙම දුම්රිය පීළි පැනීමත් සමග කොළඹ සිට ධාවනය වන දුම්රිය පානදුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරන අතර එතැන් සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් යොදා ගනිමින් මගී ජනතාව දකුණු කළුතර දක්වා ප්‍රවාහනට කොට දකුණු කළුතර සිට මාතර හා බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය කිරීම ට කටයුතුකළ බවද ඒ් මහතා පැවසීය.

ඉහළ දුම්රිය මාර්ගයට සහ බලවේග කට්ටලවලට දැඩි ලෙස හානිසිදු වී ඇති බවත් එම හානිය තවම ස්ථිරව කිව නොහැකි බවත් දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බවද ඒ් මහතා පැවසීය.