වංචනිකයන්ට හසු නොවන්න - ඩිඩිටල් හැඳුනුම්පතක් සඳහා කිසිදු ලියාපදිංචියක් සිදු නොවේ

වංචනිකයන්ට හසු නොවන්න -  ඩිඩිටල් හැඳුනුම්පතක් සඳහා කිසිදු ලියාපදිංචියක් සිදු නොවේ
  • SocialShare:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 යොදා ගනිමින් +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා 0771167739, 0742756098 යන ජංගම දුරකතන අංක මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිත කර මේ වන විට කිසියම් පාර්ශවයක්‍ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට හා මුල්‍යමය වංචා සිදුකරන බවට වාර්තා වී තිබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පාර්ශවය රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් (APP) නිර්මාණය කර ඩිජිටල් හැඳුනුම්පතක් හෝ ඊ ජාතික හැඳුනුම්පතක් සඳහා තොරතුරු ලියාපදිංචි කර ගන්නා බව පවසමින්, දෙපාර්තමේන්තු නාමය අවභාවිත කරන බවට එම දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී තිබේ.

එසේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එවැනි ලියාපදිංචියක් සිදු නොකරන බව ජනතාව වෙත අවධාරණය කරන අතර, එවැනි ජංගම දුරකතන මගින් ලැබෙන ඇමතුම් සඳහා තොරතුරු ලබා නොදෙන ලෙස එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තවද, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය හා සමාන අංකයකින් ඇමතුම් ලබාගෙන https://drpgov-lk.com ලෙස දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින්තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එම තොරතුරු ලබා දීමෙන් වලකින ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ
.
එසේම එම දෙපාර්තමේන්තුව ඊ ජාතික හැඳුනුම්පතක් හෝ ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා කිසිදු ලියාපදිංචියක් සිදු නොකරන බව දන්වන අතර වංචනික පුද්ගලයින්ගෙන් ආරක්ෂා වන ලෙසද මහජනතාවට දැනුම් දෙයි.