ලෝක සාමය පතා පා ගමනක යෙදී සිටින පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිස අද දෙවැනි දිනට පා ගමන මහනුවරින් නිමා කරමින් මල්වතු අස්ගිරි මහා විහාරයන්ට ගොස් එහි මහානාහිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ඇතුළු මහා සංඝරත්නය බැහැදුටුවේය.
එම සාම පාගමන හෙට (24) පෙරවරු 7.00 ට මහනුවර සිට මාවනැල්ල දක්වා තුන්වැනි දිනටත් ගමන් කිරීමට නියමිතය.




