ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති සාමයේ පා ගමන අද මහනුවර නගරයට ළඟාවිය. දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා ගමන් කරමින් පැවැත්වෙන මෙම පා ගමනට විශාල පිරිසක් එක්ව සිටිති.
මහනුවරට පැමිණි අවස්ථාවේදී ආගමික හා සමාජ නායකයින්ගේ ආශීර්වාද ලබාගැනීමත් සමඟ විශේෂ වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබුණි.


