බලගොල්ල ජල පවිත්‍රාගාරය අමු ජල පොම්ප ක්‍රියා කරවීමේ ගැටලුව විසදා ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
පසුගිය දිනවල පැවැති දැඩි නියගය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ ගොස් ඇත. දිට්වා ආපදා තත්ත්වයෙන් පසු මෙම පොන්ටන් ක්‍රියාත්මක ප්‍රදේශ තුළ දැඩි ලෙස මඩ තැන්පත් විමත් එයට ඉහළින් තැන්පත් වූ මඩ ගලා ඒමත් හේතුවෙන් වරින් වර පොම්ප ක්‍රියා කිරීම හා පිරිපහදු ක්‍රියාවලිය පසුගිය 06 වැනිදා සිට 15 වැනිදා දක්වා දින 10 ක පමණ කාලයක් දැඩි ලෙස අකර්මණ්‍ය වී තිබේ.
ඒ සඳහා, තාවකාලික වේල්ලක් ඉදිකර ගැටලුව නිරාකරණය කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර ඇත.
මේ වන විට ජල පිරිපහදු ක්‍රමය යථා තත්ත්වයට පත්කර අදාල සේවා ප්‍රදේශවලින් බොහොමයක් ආවරණය වන ලෙස ජලය සැපයුම් යථාවත් කිරීමත් අවශ්‍යතාව මත බවුසර් මගින් ද ජලය සැපයිමත් එම මණ්ඩල සිදු කරයි.
ඉදිරියේදී මෙවැනි තත්වයකට මුහුණ දීමට වික්ටෝරියා ජලාශයට අයත් හාරගම ප්‍රදේශයේ පිහිටි ජල තටාකය යොදා ගෙන (225mm HDPE), 2km පමණ නල මාර්ගයන් මගින් අමු ජලය ජල පවිත්‍රාගාරය වෙත යොමු කිරීමටත් ඉදිරි දින 2-3 ක කාලයක් තුල එය අවසන් කිරීමටත් අපේක්ෂිතය.


