ලෝක ආයුර්වේද දිනය - 2025 මෙම මස (23) යෙදී ඇත.
ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය හෙට (23) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රි ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙවර 10 වන වරට පැවැත්වෙන ලෝක ආයුර්වේද දින සැමරුම "Ayurveda for people & planet" යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන අතර, මෙරට සැමරුම් වැඩසටහන හෙට (23) පෙරවරු 10.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ශ්‍රවණාගාරයේ දී ආරම්භවීමට නියමිතය.
ලෝක ආයුර්වේද දින ප්‍රධාන උත්සවය ඉන්දියාවේ ගෝවා හි සමස්ත ඉන්දීය ආයුර්වේද ආයතනයේ (AIIA) දී පැවැත්වෙන අතර, තිරසාර සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම සහ ආයුර්වේදය නවීන වෛද්‍ය විද්‍යාව සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි මෙහි දී අවධානය යොමු කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, දේශීය වෛද්‍ය පීඨය සහ කොළඹ විශ්ව විද්‍යාලය එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධානය කරනු ලබයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම මෙන්ම ආයුර්වේදය නවීන වෛද්‍ය විද්‍යාව සමඟ ඒකාබද්ධ කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සමුළුවට ආයුර්වේද ක්ෂේත්‍රය නියෝජනය කරමින් විද්වතුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරු පිරිසක් ද එක්වෙමින් විශේෂ දේශණ පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයේ වැදගත් ආයතනයක් වන ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේදයේ පුරාණ ප්‍රඥාව ප්‍රවර්ධනය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා කැපවී සිටී.


