ඓතිහාසික දිගාමඩුල්ල වාර්ෂික ඇසළ මහා පෙරහැරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍යවරයා ද එක් වෙයි

ඓතිහාසික දිගාමඩුල්ල වාර්ෂික ඇසළ මහා පෙරහැරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍යවරයා ද එක් වෙයි
  • SocialShare:

ඓතිහාසික දිගාමඩුල්ල   වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය - 2025, පසුගිය (19)  අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයෙන් සුබ මොහොතින් වීථී සංචාරය ආරම්භ කරන ලදි.

මෙම පෙරහර ආරම්භක අවස්ථාවට එක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය එල්.ජී. වසන්ත පියතිස්ස යන මහත්වරු අමරපුර කළ්‍යාණීවංශික නිකායේ නැගෙනහිර පළාතේ  උප ප්‍රධාන සංඝනායක  පූජ්‍ය සුහඳගම සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අම්පාර මණ්ඩල විහාරස්ථානයේ දී  පැවැති ආගමික වතාවත් වලින් පසුව  මංගල හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ද එක් විය.

මෙම ඓතිහාසික දිගාමඩුල්ල  ඇසළ පෙරහර මංගල්‍ය පුරා  දින 03 ක් අම්පාර මණ්ඩල විහාරස්ථානයේ සිට වීථී සංචාරය කරනු ලැබීය.

මෙවර පෙරහර පැවැත්වුයේ 16 වන වරට වන අතර පෙරහැර ආරම්භක අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.