සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා වන අලුත් ව්‍යාපෘතියක් සැප්තැම්බර් මස අග වන විට ඇරඹීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඒ අනූව රෝග නිවාරණයට, බෝ නොවන රෝග හඳුනාගැනීමට, පෝෂණ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට, පොදු වශයෙන් පවත්නා පිළිකා වැනි රෝග මුල් අවස්ථාවේ හඳුනාගැනීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.
මෙවැනි තත්ත්වයන් කලින් හඳුනාගනිමින් විධිමත් පරිදි ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් රෝග වළක්වා ගැනීම යන සේවාවන් ඉලක්ක කරගනිමින් ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා වන ක්‍රියාවලිය අරඹන බවද පැවසුවේය.
ඒ සඳහා ජනමාධ්‍ය සහයෝගයද සැලසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා නියමු ව්‍යාපෘතියක් ලෙස රටේ ස්ථාන 05කදී ද තවත් ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයකද මෙම වසරේ ආරම්භ කිරීමට නියමිත බව සඳහන් කළේය.


