අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන් වැඩි ම පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා

    නොවැම්බර් 13, 2014

    පවතින අධ්‍යාපන ක්‍රමවේදය යටතේ උපාධිය ලබා ගත් වැඩි ම තරුණ පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණක් බවත් 52,000ක් එකවර රාජ්‍ය සේවයට බඳවා ගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ 156 හා 215 වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    රැකියාවක් ලබා ගැනීම සඳහා වෘත්තීය පුහුණුව ලබා ගන්නා නිසා වයස අවුරුදු 25 - 29ත් අතර පිරිස අතුරින් විරැකියාව 7.5%ක් වැනි අඩු මට්ටමක පවතී. රාජ්‍ය සේවය සඳහ තරුණ ප්‍රජාව බඳවා ගැනීමට නොහැකි වන ලෙස චක්‍රලේඛයක් නිකුත් කළේ විපක්ෂ නායකතුමාගේ ආණ්ඩු කාලයේදීයි. ග්‍රාම නිලධාරීන්, ලිපිකරුවන් බඳවා ගත්තා තරග විභාගයේ ලකුණු අනුව. හැම අංශයක ම විනිවිදභාවයක් පෙනෙනවා. තරුණ තරුණියන් සෑහීමකට පත්කරන්න හැකි පරිදි රැකියාවලට බඳවා ගැනීම් සිදු කරන බවත් පසුගිය වසර 30දී වැඩියෙන් ම දුක්වින්දේ තරුණ ප්‍රජාව බවත් ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya