අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන ඝනත්වය අනුව බලන විට අදටත් උතුරු පළාතේ රාජ්‍ය සේවකයින් වැඩියි

    නොවැම්බර් 09, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජන ඝනත්වය අනුව බලන විට අදටත් උතුරු පළාතේ රාජ්‍ය සේවකයින් වැඩි බවත් ජාතිවාදී, කුලවාදී, වර්ගවාදී කිසි ම භේදයක් නැති ව රාජ්‍ය සේවයට බඳවා ගැනීම රජය සිදු කරන බවත් සමාජ සේවා ඇමැති ෆිලික්ස් පෙරේරා මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ පස්වැනි දින විවාදයට එක්වෙමිනි.


    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 121 සහ 253 සිට 279 දක්වා වැය ශීර්ෂයන් ඊයේ විවාදයට ගැනිණි.

     

    අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “හඳුන්නෙත්ති මහතා කිව්ව බොහෝ දේවල්වල අර්ථයක් නැහැ. ඉස්සර ඡන්දය දාන්න ඡන්ද මධ්‍යස්ථානවලට ගිය ඡන්දදායකයන් ඇඟිලි කපා ගත්ත එක මතකද?. ඉස්සර ග්‍රාමනිලධාරින්ගේ ඇඟිලි කැපුවා මැතිවරණ කටයුතුවල යෙදුණා කියලා දැන් අමතක වෙලා. ඉස්සර බෝක්කු උඩ කඩපිල්වල රස්තියාදු ගසමින් සිටිය උපාධිධාරින්ට දැන් රැකියා දී තිබෙනවා. 50000කට රැකියා දීලා තියෙනවා. ඉස්සර ටයර් තමයි ඒ ගොල්ලන්ට දුන්නේ.

     

    රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රුපියල් බිලියන 13ක් මෙවර අය-වැයෙන් ලබාදී තිබෙනවා. පුනරාවර්තන වියදම් ගිය පාරට වඩා බිලියන 11ක් වැඩි කරලා තියෙනවා. මේ ප්‍රාග්ධනයට නෙමෙයි. පුනරාවර්තන වියදම් සඳහා මේ මුදල් දී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ දැක් ම රාජ්‍ය පරිපාලනය කෙරෙහි එයින් පෙනෙනවා. ඒක සුවිශේෂී කාරණයක්.

     

    ඉස්සර රාජ්‍ය සේවකයින්ට අණදුන්නා. දැන් කරන්නේ ඉල්ලීම්. අපිට මේක කරන්න කියා කියන්න බැහැ. ඉස්සර මීට වඩා වෙනස් සංකල්පයක් තිබුණේ. ඒ නිසා රාජ්‍ය සේවකයාට හොඳ තැනක් දීලා තියෙනවා. ඉස්සර ලක්ෂ 6යි දැන් 14යි. උපාධිධාරීන් 50000කට රැකියා දීලා තියෙනවා. විභාගයක් ලියලා රාජ්‍ය සේවයට බැඳෙන්න අවස්ථාව දීලා තියෙනවා.

     

    හිතවත් දමිළ මන්ත්‍රීවරුන්ටත් කියන්න ඕන; ජන ඝනත්වය අනුව බලන විට අදටත් යාපනය ප්‍රදේශයේ රාජ්‍ය සේවකයින් වැඩියි. ජාතිවාදී, කුලවාදී, වර්ගවාදී කිසි ම භේදයක් නැති ව රාජ්‍ය සේවයට බඳවා ගැනීම අපි කරනවා. හමුදාවටත් අපේ ද්‍රවිඩ සහෝදරවරුන් බඳවා ගෙන තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය ජාතිවාදී ද? කුලවාදී ද? ආගම්වාදී ද? එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඒ තර්ක වැරදියි.  

     

    HC

    සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya