අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ජනගහනයෙන් සෑම 17කට ම එක් අයෙක් රාජ්‍ය සේවකයෙක් Featured

    නොවැම්බර් 08, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අද වන විට මේ රටේ ජනගහනයෙන් සෑම 17 දෙනෙකුට ම එක් රාජ්‍ය සේවකයෙක් සිටින බවත් විශ්‍රාමිකයන්ගේ විෂමතාවන් ලබන ජුලි මාසයේ සිට නිවැරදි කරන අතර එතෙක් රුපියල් 2500ක අන්තර් දීමනාවක් ගෙවන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ පස්වැනි දින විවාදයට එක්වෙමිනි.

     

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 121 සහ 253 - 279 දක්වා වැය ශීර්ෂයන් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

     

    රාජ්‍ය සේවය ගැන එක්සත් ජාතික පක්ෂය හා අපේ ආණ්ඩුව අතර ඇත්තේ අහසට පොළව වගේ ප්‍රතිපත්තියක්. රාජ්‍ය සේවය රටට බරක් දෙන ආර්ථිකය ආපස්සට ගෙන යන මුදල් නාස්ති කරන සේවයක් ලෙසයි  එක්සත් ජාතික පක්ෂය සැලකුවේ. ඔවුන් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන සහන, වරප්‍රසාද අඩු කළා.

     

    අපේ රජය ඊට හාත්පසින් ම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අද අපේ රටේ ජනගහනයෙන් සෑම 17 දෙනෙකුට ම එක් රාජ්‍ය සේවකයෙක් සිටිනවා. පෞද්ගලික අංශය සමග තරග කරමින් මහජනතාවට උපරිම සේවයක් ලබා දීමට රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි. රාජ්‍ය සේවය ගැන ජනතාව තුළ තිබුණු අප්‍රසාදය අද නැහැ.

     

    රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවා තිබෙනවා. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා ජනතාවට වඩාත් සමීප සේවයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සලසනවා. රජයේ සියලු කාර්යාල එක ම වහළක් යට පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර අප ගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කාර්යාල පහසුකම් සලසනවා. විශ්‍රාමිකයන්ගේ විෂමතාවන් ලබන ජුලි මාසයේ සිට නිවැරදි කරන අතර එතෙක් රුපියල් 2500ක අන්තර් දීමනාවක් ගෙවනවා.

     

    ජනතා මිත්‍රශීලි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් යන සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම අපේ වගකීමක් යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya