අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල් කටස් යුගයේ රාජ්‍ය සේවකයින් ඝාතනය කළා

    නොවැම්බර් 09, 2014

    එදා තිබුණා ගල් කටස් යුගයක්. ප්‍රාදේශීය ලේකම්වරු ඝාතනය කළා. රාජ්‍ය සේවකයෝ ඝාතනය කළා. පොලිසියේ අයට ඉල්ලා අස්වෙන්න කිව්වා. එදා ඒ ඝාතකයන්ම තමයි අද ඇවිල්ලා ජනාධිපතිතුමා ග්‍රාම සේවකයින්ට දන්සැලක දානයක් දෙනවා කියා ඉතාමත් පහත් තුච්ඡ විදියට මේ ගරු සභාවේ කතා කළේ යැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ පස්වැනි දින විවාදයට එක්වෙමිනි.

     

    අරලියගහ මන්දිරය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රවේශයක් සමඟ අලුත් මඟකට අලුත් ආරකට නැඹුරු වූ බව මුළු ජාතියම දන්නවා. සමහර නායකවරු හිටියා කෝපි කෝප්පයක් දෙන්නෑ එතැනට ආවම. අද රජයේ සේවකයින්, ග්‍රාමසේවකවරු, ප්‍රාදේශීය ලේකම්වරු කැඳවන්නේ ජනාධිපතිතුමා. ඒකයි වැදගත්කම. යහපාලනයේ මහිමය ඒකයි. ඉස්සර ඒ ගොල්ලන්ට කතා කරන්න නායකයෙක් හිටියේ නැහැ රටේ. අද රටේ නායකතුමා හැමෝටම කතා කරනවා. ඒ දර්ශනය අනාගතයේදීත් සියලු දෙනාම පිළිපදින්නට ඕන කියා අපි කියනවා.

     

    අනුර දිසානායක මහතා අද මුළු රටේ ම මුස්ලිම් ජනතාව රවට්ටාගෙන යනවා. එදා උතුරටවත් දකුණටවත් යා නොහැකි තත්ත්වයක් තිබුණ බවත් එක කොනක කොටිත් අනෙක් කොන ජවිපෙ බවත් එය අපේ මුස්ලිම්වරු කවදාවත් අමතක නොකරන බවත් අස්වර් මහතා කීය.

     

    HC

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya