අදියර තුනක් යටතේ පැවැත්වෙන මෙවර පා පැදි සවාරිය නොවැම්බර් 18 දින දයාශ්‍රිත තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගර ශාලාව අසලින් ආරම්භ වී අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසලින් අවසන් වේ.
දෙවැනි අදියර 19දා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තංගල්ල කාල්ටන් නිවස අසලින් අවසන් කෙරේ.
තෙවැනි අදියර 20දා අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරය අසලින් අවසන් කෙරේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම පා පැදි සවාරිය වාර්ෂික ව සංවිධානය කරනු ලබයි.
DB