මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාරිස්පත්තුවේ ක්‍රීඩා සංවර්ධනයට ලක්ෂ 75ක්

    ඔක්තෝබර් 29, 2014
    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සිට දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් ආරම්භ කර තිබෙන ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හාරිස්පත්තුව ආසනයේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 75ක් වෙන් කරමින් එහි මූලික ඉදිකිරීම් කටයුතු ඇරඹීම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ දී සිදු කෙරිණි.
     
    මෙහිදී ගුහාගොඩ විද්‍යාලය, පූජාපිටිය කළුවාන විද්‍යාලය, මාරතුගොඩ නාලන්දා විද්‍යාලය, මාරතුගොඩ විදුමිණ පිරිවෙන,  වල්දෙනිය ප්‍රාථමික විද්‍යාලය, වෑවල පරාක්‍රම විද්‍යාලය, උඩගම විද්‍යාලය, බටගොල්ලාදෙනිය ජමාලියා විද්‍යාලය, ඕවිස්ස විද්‍යාලය, වටගොඩ ක්‍රීඩාපිටිය යන ක්‍රීඩාපිටිවල වැඩ ආරම්භ කිරීම සිදුකෙරුණු අතර ප්‍රදේශයේ පාසල් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් මෙහිදී සිදුවිය.
     
    දිවයිනේ සෑම පාසල් සිසුවෙකුට ම ක්‍රීඩාව අනිවාර්යය කර තිබෙන බැවින් පාසල් ක්‍රීඩා සංවර්ධනය කිරීම අනිවාර්යය කටයුත්තක් ලෙස සලකා දිවයිනේ සෑම පාසලකට ම උපරිම රුපියල් ලක්ෂ 5ක ක්ෂණික වැය ඇස්තමේන්තුවක් යටතේ කුඩා ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය සඳහා ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන අතර දිවයිනේ තෝරාගත් පාසල් සඳහා ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 200ක් මේ වනවිටත් වැය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත් ප්‍රසන්න වීරවර්ධන මහතා ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya