මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ පළමු තණතිල්ල සනත් ජයසූරිය ප්‍රධානත්වයෙන් විවෘත වේ

    ඔක්තෝබර් 29, 2014

    උතුරු පළාතේ ප්‍රමිතියට අනුව ඉදිකරන ලද පළමු තණතිල්ල අද (29) උදෑසන යාපනය, ශාන්ත පැට්රික් විද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  දී විවෘත කළේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ ශාන්ත පැට්රික් විද්‍යාලයේ විදුහල්පතිතුමා ද මීට එක්වූහ.

     

    යාපනය රදගුරු තෝමස් සෞන්දරනායගම් හිමිපාණන් විසින් තණතිල්ල ආසිරි ගන්වන ලදී.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා, මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ බ්‍රිගේඩියර් තිරිනාවුකරසු යන මහත්වරු එක්ව ඉදිරිපත් කළ සංකල්පයකට අනුව මෙම තණතිල්ල ඉදි කෙරුණි.


    ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තණතිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3ක පිරිවැය හා ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහා වූ රුපියල් මිලියන 5ක පිරිවැය ද  එකහෙළා අනුමත කරනු ලැබූහ. මෙම උදාර කටයුත්ත සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සපයන ලදී.

     

    සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝධ්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, රවීන්ද්‍ර පුෂ්පකුමාර, නිරෝෂන් බණ්ඩාරතිලක සහ ලංකා සිල්වා වැනි හිටපු ජාතික තලයේ ක්‍රිකට් වීරයන්ගේ සහභාගීත්වයෙන් 23න් පහළ උතුරු නැගෙනහිර මිශ්‍ර කණ්ඩායමට එරෙහි ව T20 තරගයක් ද මෙම තණ තිල්ල විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වුණි.

     

    SDF

    TW OpenTW Open 2TW Open 3TW Open 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya