මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල නොවැම්බර් 05

    ඔක්තෝබර් 29, 2014
    ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 05 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ඉසිර කාසිවත්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29)  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති  සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    8 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව් 36කින් සමන්විත වන අතර මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.
     
    මේ වන විටත් ක්‍රීඩා උළෙලේ තරග ඉසව් පැවැත්වෙන බව සඳහන් කළ කපිතාන්වරයා 04 වැනිදා පෙරහුරුවක් පවත්වන බවත්, 05දා අවසන් උළෙලේ දී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් පමණක් පැවැත්වෙන බවත් සඳහන් කළේය.
     
    මේ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් අති විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya