මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජන සම්මන්ත්‍රණයක්

    ඔක්තෝබර් 29, 2014
    ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ පෙළේ ආයෝජන සමුළු දෙකක් පසුගිය දින ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ජපානයේ දී පවත්වන්නට යෙදිණි. 
     
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ටෝකියෝ - මිට්සුබිෂි බැංකුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක් ව මෙම සම්මන්ත්‍රණ ඔසාකා හා ටෝකියෝ හි දී පැවැත්විණි.
     
    ශ්‍රී ලංකාවේ සීග්‍ර ආර්ථික වර්ධන වේගය, ගුවන් සේවා, නාවික, මූල්‍ය, සේවා ආදියෙන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සංකල්පය හා මෙම සංධිස්ථානයේ දී ජපාන සමාගම් හා කර්මාන්ත ශ්‍රී ලංකාව සමඟ එක් ව සිටීමේ වැදගත්කම මෙම සම්මන්ත්‍රණවලදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මතුකොට දැක්වීය.
     
    සුදුසුම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවෙන් ප්‍රයෝජන ලබාගන්නා ලෙස අමාත්‍යවරයා ජපාන සමාගම් හා කර්මාන්තයන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    ජපාන අගමැතිවරයාගේ ඓතිහාසික ශ්‍රී ලංකා සංචාරයට දෙසතියකට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයහා ටෝකියෝ මිට්සුබිෂි බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි. එහි අරමුණ වන්නේ ඍජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව කෙරෙහි ප්‍රවර්ධනය කිරීම, නව ව්‍යාපාර අවස්ථා ගවේෂණය, ජාත්‍යන්තර හවුල් ව්‍යාපාර ප්‍රවර්ධනය හා දෙරට අතර ආර්ථික, වාණිජ හා යටිතල පහසුකම් ක්‍රියාකාරකම් සංවර්ධනයයි. එම ගිවිසුම ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික, වාණිජ, වෙළෙඳ හා ආයෝජන පැතිකඩ වෙනසකට බඳුන් වනු ඇත.
     
    ඔසාකා සම්මන්ත්‍රණය සඳහා 70කට අධික පිරිසක් ද, ටෝකියෝ සම්මන්ත්‍රණය සඳහා 150කට අධික පිරිසක් ද සහභාගි වූහ.
     
    ප්‍රධාන වැඩසටහන අවසානයේ ආයෝජන මණ්ඩලය; උනන්දුවක් දැක්වු ආයෝජකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya