මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජය බස්නාහිර‍ට

    ඔක්තෝබර් 29, 2014
    පසුගිය 24දා අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ආරම්භ වු ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගවලදී රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 09ක් වශයෙන් පදක්කම් 30ක් ලබාගනිමින් බස්නාහිර පළාත පළමු ස්ථානය හිමි කර ගෙන ඇත.
     
    රන් පදක්කම් 09, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කම් 05ක් වශයෙන් පදක්කම් 17ක් දිනාගත්වයඹ පළාත දෙවන ස්ථානය හිමිකර ගෙන ඇති අතර රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 11ක්හා ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් පදක්කම් 29ක් දිනාගත් දකුණු පළාත තෙවන ස්ථානය හිමිකරගෙන ඇත.
     
    ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ මංජුල කුමාර ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයඹ පළාතේ චන්ද්‍රිකා සුභාෂිණි ද සම්මාන හිමි කරගත්තේය.
     
    රන් පදක්කම් දිනා ගැනීමට නොහැකි වු එකම පළාත බවට පත් වූ උතුරු පළාතේ කිලිනොච්චිය නගරයේ දී මීළඟ 41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට තීරණය විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya