මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ පළමු තණ තිල්ල අද විවෘත කෙරේ

    ඔක්තෝබර් 29, 2014

    උතුරු පළාතේ ප්‍රමිතියට අනුව ඉදිකරන ලද පළමු තණ තිල්ල අද (29) උදෑසන  යාපනය, ශාන්ත පැට්රික් විද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  දී විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා, යුධ හමුදා මේජර් ජෙනරල් උදය පෙරේරා සහ බ්‍රිගේඩියර් තිරිනාවුකරසු යන මහත්වරු එක්ව ඉදිරිපත් කළ සංකල්පයකට අනුව මෙම තණ තිල්ල ඉදි කෙරුණි.

     

    ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තණ තිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3ක පිරිවැය හා ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහා වූ රුපියල් මිලියන 5ක පිරිවැය ද  එකහෙළා අනුමත කරනු ලැබූහ. මෙම උදාර කටයුත්ත සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සපයන ලදී.

     

    සනත් ජයසූරිය, ප්‍රමෝධ්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, රවීන්ද්‍ර පුෂ්පකුමාර, නිරෝෂන් බණ්ඩාරතිලක සහ ලංකා සිල්වා වැනි හිටපු ජාතික තලයේ ක්‍රිකට් වීරයන්ගේ සහභාගීත්වයෙන් 23න් පහළ උතුරු නැගෙනහිර මිශ්‍ර කණ්ඩායමට එරෙහි ව T20 තරගයක් මෙම තණ තිල්ල විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වීමට ද නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya