අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන මධ්‍යම කාරක සභාවේ හතරවන සැලසුම් සැසිය අවසන් වේ

    ඔක්තෝබර් 26, 2014

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන මධ්‍යම කාරක සභාවේ හතරවන සැලසුම් සැසිය පසුගිය 20දා සිට 23දා දක්වා චීනයේ බෙයිජිංහිදී පැවැත්විණ.


    ලෝකයේ දෙවන ආර්ථිකය වන චීනයේ නීතියේ පාලනය පිළිබඳ පූර්ණ සැලසුම් සකසන ප්‍රධාන රැස්වීම මෙය වේ. පක්ෂ නායකත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, නීති පද්ධතිය පිළිබඳව වන කාර්යභාරය එහිදී සාකච්ඡා කෙරේ. රැස්වීම අවසානයේ නිකුත්වූ ප්‍රකාශනයේ සඳහන් වනුයේ, චීන ලක්ෂණ සහිත සමාජවාදී පාලන රාමුව තවදුරටත් ඉහළ නැංවීම මෙම රැස්වීමේ අරමුණ වූ බවයි. සමාජවාදී පාලන නීති ක්‍රමයක් යටතේ රට නැංවීම එමඟින් අපේක්ෂා කෙරේ.

    රටේ පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුවෙයි. චීන ජාතික ජනතා කොංග්‍රසය සහ එහි ස්ථාවර කමිටුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම අධික්ෂණයේ ඉහළ කාර්ය භාරයක් ඉටුකරයි. ප්‍රධාන තීන්දුව ද නීත්‍යානුකූල භාවය මෙන් ම එම තීරණ සම්බන්ධයෙන් ජීවිත කාලයපුරා වගකීමෙන් බැඳීමද පූර්වකාරී වගකීමෙන් බැඳීමද එහි සඳහන් වෙයි. සැලසුම් සැසියක් විසින් නීතියේ පාලනය පිළිබඳව ප්‍රධාන තේමාව ලෙස සැලකූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සිව් දින සැසියේ මුලසුන උසුලා ලැබුවේ මධ්‍යම කමිටුවේ දේශපාලන මණ්ඩලයයි.

    ECB_cri.cn

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya