සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස - චන්දිමාල් හෙළි කරයි

    සැප්තැම්බර් 27, 2024

    ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ නවක ක්‍රීඩකයින්ගේ සංකලනයක් සමගින් වූ කණ්ඩායමක් නිසා බව දිනේෂ් චන්දිමාල් පවසනවා.

    නවසීලන්තය සමග ඊයේ(26) ආරම්භ වූ පලමු ටෙස්ට් තරඟයේ පලමු දිනය අවසනයේ පැවති මාධ්‍ය හමුව අතරතුරේදී ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී අදහස් දක්වමින්,

    "අපි හැමදාම Success වුනේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග නවක ක්‍රීඩකයන්ගේ සංකලනයකින් අපේ කණ්ඩායම හදාගත්තොත්.. ඉතින් මං හිතන්නේ ඒක හුඟක්ම තියෙනවා අපේ ටෙස්ට් කණ්ඩායමේ.. අත්දැකීම් තියෙන නායකයින්.. ක්‍රීඩකයින් හුඟාක් තරඟ සෙල්ලම් කරලා තියෙනවා.. දිමුත්ට ඇන්ජිට පෙනෙන ඈන්ගල් වෙනස්.. ඊට පස්සේ මට පේන Angle වෙනස්.."

    වැඩිදුරටත් අදහස් දක්වමින්,

    "ඉතින් අපි වාඩි වෙලා කැප්ටන් එක්ක අපිට පේන Angle එක්ක එයාට කියනවා.. ඉතින් මං හිතන්නේ ඒක තමයි තියෙන ලොකුම රහස.. මොකද සමහර වෙලාවට එක එක්කෙනාගේ දේවල් වරදින්න පුළුවන්.. ඉතින් අපි මොකක්ද හරි.. ගන්න ඔ්න හොඳම තීරණය කියන එක අරගෙන තමයි මැද දී Situation එකක් ආවොත් ඒ Situation එක handle කරන්නේ " යැයි චන්දිමාල සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya