සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිශාන් පීරිස් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගනී

    සැප්තැම්බර් 26, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද(26) ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගැනීමට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සමත් විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වූ දිල්රුවන් පෙරේරා විසින් ටෙස්ට් හිස් වැසුම නිශාන් වෙත පිරිනමන ලදි.

    විසි හත්වැනි වියේ පසුවන නිශාන් පීරිස් මීගමුව ශාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වී සිටියි. දකුණතින් දඟ පන්දු යවන නිශාන් වමතින් පන්දුවට පහර දෙන්නේය. පළමු පෙළ තරග 41 කට ක්‍රීඩා කර ඇති නිශාන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 172 කි. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.37 ක් ලෙසින් සටහන් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya