සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කමිඳුගෙන් ලෝක වාර්තාවක් - චන්දිමාල්ගෙන් ශතකයක්

    සැප්තැම්බර් 26, 2024

    අද(26) ආරම්භ වූ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනට තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රභල ස්ථානයක පසුවෙයි.

    ඒ අනුව දිනය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 306 ක් ලබා සිටියේය.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 46 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 78 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා සිටිනවා.

    පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්වුණි. ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.

    දිනේෂ් චන්දිමාල් සිය 16වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද සමත් විය. හෙට(27) තරඟයේ දෙවන දිනයයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya