අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට ඓතිහාසික ජයක්

    අප්‍රේල් 04, 2024

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවති T20 තරගාවලිය තරග 2-1ක් ලෙස ඓතිහාසික තරඟ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා.


    ඒ තරඟ 3කින් යුත් පන්දුවාර විස්සයි-20 තරඟාවලියේ දෙරට අතර ඊයේ(03) පැවති තෙවන හා අවසන් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4 කින් ජය ගැනීමත් සමඟයි.

    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා ගැනීමට සමත් විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායිකා Laura Wolvaardt ලකුණු 56ක් සහ Nadine de Klerk ලකුණු 44ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 24කට කඩුලු 4ක් ලබා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20 වන පන්දු වාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර එහිදී නායිකා චමරි අතපත්තු ලකුණු 73 ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53 ක් ලබා ගත්තා. අවසන් තරඟයේ වීරයා ලෙස චමරි අතපත්තු නම් කෙරුණු අතර තරඟාවලියේ වීරයා ලෙස Laura Wolvaardt නම් කෙරිණි.

    ඒ අනුව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩයම තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya