මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන ඉනිමේ හඹා යෑමට බංග්ලාදේශයට විශාල ඉලක්කයක් ලැබීමට නියමිතයි

    අප්‍රේල් 02, 2024

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයට(01) තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් ලබා සිටියා.



    නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 03 ක් ලබා සිටිනවා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud කඩුලු 4 ක් හා Khaled Ahmed කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 178 ක් පමණයි. පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කිරීමට සමත් වුණා.

    ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 455 ක් ඉදිරියෙන් පසු වනවා. අද(02) තරඟයේ සිව්වැනි දිනයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya