අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශය පලමු ඉිනිමේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 476ක් පිටුපසින්

    අප්‍රේල් 01, 2024

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනට ඊයේ (31) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටියා.



    බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mahmudul Hasan Joy ලකුණු 21 කට දැවී ගිය අතර පන්දුවට පහරදෙමින් සිටින Zakir Hasan ලකුණු 28 ක්  ලබා සිටිනවා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

    පලමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 92 ක්, දිමුත් කරුණාරත්න ලකුණ 86 ක්, ධනංජය ද සිල්වා ලකුණු 70 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Shakib Al Hasan කඩුලු 3 ක් හා Hasan Mahmud කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    අද(01) තරඟයේ තෙවන දිනයයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya