අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කාන්තා පිළ එංගලන්තයට එරෙහි පලමු විස්සයි-20 ජය වාර්තා කරයි

    සැප්තැම්බර් 04, 2023

    එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පසුගිය 02 වනදා පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. නායිකා චමරි අතපත්තු පන්දු 31 කින් ලකුණු 55 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 30 ක් ලබා ගත්තා. තරඟයේ වීරයා බවට චමරි අතපත්තු සමත්වුනා.

    මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු විස්සයි -20 තරඟය ජයග්‍රහණය වනවා.

    ඒ අනුව තරඟ 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා. තරඟාවලිය තීරණාත්මක අවසන් තරඟය ලබන 06 වනදා පැවැත්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya