අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික තරගාවලියේ දෙවන අදියර තරග අගෝස්තු 15 සහ 16

    අගෝස්තු 10, 2014

    කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර තරග අගෝස්තු 15 සහ 16 කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

     

    මෙම තරගාවලියේ පළමු අදියරයේ තරග පසුගිය දෙදින (08 හා 09) තුළ කොග්ගල දී පැවැත්වුණි. දේශීය හා විදේශීය රග්බි ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ක්‍රීඩා සමාජ කණ්ඩායම් 10ක් අතර මෙම තරගය ඇරඹුණී. තාරුණ්‍යයට හෙටක් හා Ceylon Premier Sports මෙය සංවිධානය කර ඇත.

     

     

    කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික තරගාවලියේ පළමු අදියරයේ පළමු හා දෙවන තරගවලින් වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් කණ්ඩායමට කාල්ටන් සුපර් සෙවන්ස් ශූරතා කුසලාන හිමිවේ.

     

     

    මෙම තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන ආරාධිත පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය කොළඹ රාජකීය, ඉසිපතන, කිංග්ස්වුඩ්, මරදාන ශාන්ත ජෝශප්, ගල්කිස්ස විද්‍යා, බොරැල්ල සී.ඩබ්.ඩබ්. කන්නන්ගර, ත්‍රිත්ව, වෙස්ලි යන විදුහල්වල සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya