අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එබෝලා - WHO ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

    අගෝස්තු 10, 2014

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් එබෝලා රෝගයේ පැතිරීමත් සමගම ජාත්‍යන්තරව හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

     

    මෙම වසරේ මාර්තු මාසයේ ගිනියාවෙන් වාර්තා වූ එබෝලා රෝගය ඉන්පසුව සියෙරාලියොන්, ලයිබීරියා සහ නයිජීරියාව දක්වා පැතිර ගොස් තිබේ. මාරාන්තික එබෝලා වෛරසය යුරෝපය සහ ආසියාවටත් පැතිරීමේ අවදානමක්‌ තිබෙන බව ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

     

     

    ලෝකය පුරා රටවලට මෙම රෝගය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී වෛද්‍ය මාග්‍රට් චෑන් (Margaret Chan) මාධ්‍ය වෙත උපදෙස් නිකුත් කර තිබේ.

     

     

    එබෝලා යනු වෛරසයක් නිසා වැළඳෙන රෝගයකි. රෝගීන්ගේ රුධිරය හා ස්‍රාවයන් ස්පර්ශ වීමෙන් රෝගය තවත් අයෙකුට බෝවිය හැක. මෙම රෝගය සඳහා තවමත් කිසිදු ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර රෝගය වැළඳුණ පසු සුව කිරීමේ ප්‍රතිශතය ඉතා අඩු බැවින් රෝගියා මිය යාමට ඇති ඉඩකඩ ඉතා ඉහළ මට්ටමක පවතී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya