අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ලබන 3 වැනි දා සිට

    සැප්තැම්බර් 01, 2016

    32 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ලබන 03 වැනි දා ආරම්භ වන බව අධ‍‍‍‍‍‍්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශයට පත් කළේය.

    අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මේ පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවයරා මේ බව සඳහන් කළ අතර මෙම තරගාවලිය සඳහා පළාත් 9 ම නියෝජනය කරමින් ක්‍රීඩා ඉසම් 27ක් යටතේ පාසල් 521ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,089ක් තරග සඳහා සහභාගි වෙති.

    පාසල් දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති බවත් ඉන් ළමුන් 20.6% ක් කෘෂ බවින් පෙළෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    තව ද ළමුන් 7.9% මිටි බවින් ද  ළමුන් 2.4% අධි බරින් ද හා ළමුන් 30% කට විවිධ ආකාරයේ පෝෂණ ගැටලු ද තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර  මෙම තත්ත්වයන් මඟහැරීම සඳහා පාසල් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු නැංවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අපගේ අතීත උරුමයන් පිළිබඳ පාසල් දරුවන් තුළ දැනීමක් හා හැඟීමක් ඇති කරලීම සඳහා ජන ක්‍රීඩාවන් පාසල් ක්‍රීඩා අතරට හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ ශාරිරික අධ්‍යාපනය හා ක්‍රීඩාව ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ඉහල නැංවීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික මට්ටමේ විශාල වැඩපිළිවෙළක් සදහා සැලසුම් සකස් කර ඇති බවයි.

     ඒ අනුව දියගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමත් එහි ජාතික ක්‍රීඩා පාසලක් ඇති කර පාසල්වල අධ්‍යාපනය හදාරණ, 8 ශ්‍රේණියෙන් ඉහළ ක්‍රීඩාවට දක්ෂ ළමුන් 400 දෙනෙකු සඳහා සියලු පහසුකම්වලින් යුක්ත ක්‍රීඩාවට ම වෙන්වූ පාසලක් 2017 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya