උතුරු මැද පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල 29, 30 හා 31 තෙදින පුරා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. උතුරු මැද පළාත් අධ්‍යාපන කලාප තරග ජයග්‍රහණය කළ අවුරුදු 11ත් 21ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් පමණ මේ සඳහා සහභාගි වෙති. තරග විනිසුරුවරුන් 120 දෙනෙකු පමණ ද සහභාගී වීමට නියමිතය.