2016 ජාතික මහා ක්‍රීඩා උළෙලේ පා පැදි තරඟ ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව. 9.00 ට හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වේ. මෙහි ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය ප.ව.5.30 ට වාරියපොල අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර පළාත් 09 න් ක්‍රීඩකයින් 90 ක් සහ ක්‍රීඩිකාවන් 54 ක් දෙනෙකු මෙම තරඟය සඳහා සහභාගි වේ. AP