අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවෙට්හි ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට

    පෙබරවාරි 14, 2016

    කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක් වූ පුද්ගලයින් 104 දෙනෙකු ඊයේ (13) පෙරවරුවේ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට යානා දෙකකින්  ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගෙන තිබෙන බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

    මොවුන් අතරින් 8 දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ. මෙම පිරිස කුවේට් තානාපති කාර්යාලයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් සුරක්ෂා නිවාසයේ රැකවරණයේ සිටි පුද්ගලයින් වන අතර වීසා කාලය ඉක්මවා සේවයේ යෙදී සිටීම, ගිවිසුම් ගත රැකියාව නොලැබීම,  විවිධ ශාරීරික හිංසන  ඇතුළු ගැටලු රැසකට මෙම පිරිස ලක්ව ඇත.

     

     පසුගිය දා කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරත වූ  විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙම සුරක්ෂා නිවාසය නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.

     

    එහිදී අදාළ කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව විමසා සිටි අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු පිළීබඳව දැඩි අවධානය යොමු කරමින් කඩිනමින් මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

     සුරක්ෂා නිවාසයේ රැඳී සිටින  අනෙකුත් පිරිසද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරිය විසින් ලබා දී තිබේ.
        
    මෙසේ පැමිණි පුද්ගලයින් අනුරාධපුර, ගාල්ල, ති‍්‍රකුණාමලය, මහනුවර, මඩකලපුව, කුරුණෑගල, පොලොන්නරුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya