අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම

    පෙබරවාරි 18, 2016
    දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ජයග්‍රණය ලබා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඇගයීමේ උත්සවය  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  වරාය සහ නාවික අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
    මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගණන 4 ක් වේ. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජනිත සුරත් ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙසද, වාසනා මධුමාලි ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ උපනායිකා ලෙසද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලට එක් විය. 
     
    මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලංක සංජය ජාතික පිරිමි වොලිබොල් කණ්ඩායම නියෝජනය කළේය. 12 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට එක් වූ ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාලික වසන්තප්‍රිය මහතා වේ.  
     
    නිමා වූ 12 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් සහ කාන්තා වොලිබෝල් රිදී පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දීමට උරදුන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරු ඇගයීමේ උත්සවයේදී ත්‍යාග සහ උසස් වීම් ප්‍රදානය කිරීමද සිදු කෙරිණ.  මෙහි විශේෂත්වය වූයේ 24 වතාවක් බිලියඩ් ජාතික ශූරතාව දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම මහතාද ඇගයීමට ලක් කිරීමයි. ඔහුටද මුදල් ත්‍යාග පිරිනැමීමට සහ සේවා දිගුවක් ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කළේය. උත්සව සභාව අමතමින් වරාය සහ නාවික අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි වෙනම ක්‍රීඩා ඒකකයක් පිහිටුවීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවයි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya