අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා නීතිය සංශෝධනයට පියවර ගන්නවා- ක්‍රීඩා ඇමැති

    දෙසැම්බර් 22, 2015

    මෙරට ක්‍රීඩාව තුළ පවතින ගැටලු රැසකට විසඳුම් වශයෙන් ක්‍රීඩා නීතිය සංශෝධනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා කටයුතු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (22) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ක්‍රීඩාව තුළ ඇති ගැටලු හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා 10 දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයක් ඉදිරියේ දී පත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අන්තර්ජාතික ඔලිම්ලිපික් කමිටුව සමඟ එක්ව පවතින ගැටලු නිරාකරණය කරගැනීමට කටයුතු කරන බවත්, ලබන වසරේ දී බැඩ්මින්ටන් ක්‍රීඩාව හා ජල ක්‍රීඩා සඳහා පවත්තා තහනම් ඉවත් කරගැනීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ක්‍රීඩා නිලවරණ පැවැත්වීමේ දී තිදෙනෙකුගෙන් යුක්ත වූ වාර්ෂික කමිටුවක් පත්කොටගෙන එම කමිටුව ඔස්සේ ක්‍රීඩා නිලවරණ පැවැත්වීමට අවස්ථාව ලබදීමටත් කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya