අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු යොවුන් ශූරතාව දිනූ ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවෝ අද දිවයිනට

    දෙසැම්බර් 22, 2015

    වසර 13කට පසුව ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාවට හිමිකර දුන් ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවෝ අද (22) දිවයිනට පැමිණියහ.

    පසුගියදා හොංකොන් හි පැවති දකුණු ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. හොං කොං දේශයේදී ඉරිදා (20) පැවති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහතරගයේදී ගියවර ශූරියන් වන මලයාසියාව ලකුණු 53-48 කට පරාජය කරමින් මෙම විශිෂ්ඨ ජයග‍්‍රහණය ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

     

    ශ්‍රී ලංකාව වසර 2002 දී ශෂිකා සමරසිංහගේ නායකත්වයෙන් ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය දිනා තිබිණ.

     

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේද කී‍්‍රඩිකාවක් වන ගයනි දිසානායක දැරීය. ශ්‍රී ලංකා පුහුණුකාරිණිය වූයේ තමරා ලියනගේ මහත්මියයි. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂත්වය වූයේ අපරාජිතව තරගාවලිය ජයගැනීමය. එහිදී ගියවර ශූරියන් වන මලයාසියාව දෙවතාවක් තරගාවලියේදී පරාජයට පත්කිරීමටද ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

     

    ඉන්දියාවට එරෙහිව ලකුණු 102-10 ක් ලෙසත්, චීන තායිපේට එරෙහිව ලකුණු 93-32 ක් ලෙසත්, මලයාසියාවට එරෙහිව ලකුණු 64-48 ක් ලෙසත්, සිංගප්පූරුවට එරෙහිව ලකුණු 69-56 ක් ලෙසත්, හොංකොං දේශයට එරෙහිව ලකුණු 72-42 ක් ලෙසත් අඛණ්ඩව ජයග‍්‍රහණ පහක්ම ලබමින් එයින් අනතුරුව අවසන් මහ තරගයට පිවිසෙමින් ශ්‍රී ලංකාව මෙම අනගි ජයග‍්‍රහණය වාර්තා කළේය.

     

    මෙවර ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිඩ්නි ලෝක දැල්පන්දු ශූරතාවලියට සහභාගී වූ පළපුරුදු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩිකාවන් තිදෙනෙකුද ඇතුළත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya